මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් 32,000 ඉක්මවයි . මරණ සංඛ්‍යාව 149 ක් දක්වා ඉහළට..

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් 32,000 ඉක්මවයි . මරණ සංඛ්‍යාව 149 ක් දක්වා ඉහළට..

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් 32,000 ඉක්මවයි . මරණ සංඛ්‍යාව 149 ක් දක්වා ඉහළට..

කර්තෘ Staff writer

13 Dec, 2020 | 6:22 am

COLOMBO (News 1st) – මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32,000 ඉක්මවා තිබේ.

ඒ, ඊයේ ආසාදිතයින් 755 ක් හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 32 135 කි.

තවත් කොරෝනා මරණ 02 ක් ද ඊයේ මෙරටින් වාර්තා විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ , මිය ගිය එක් අයෙකු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි.

ඔහු පසුගිය 11 වැනිදා මුල්ලේරියාව රෝහලේදී මිය ගොස් ඇත.

ඉඹුල්ගොඩ පදිංචි මිය ගිය 66 හැවිරිදි අනෙක් පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ය.

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23 304 කි.

ආසාදිතයින් 8684 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව නිරෝධායන රෙගුලාසී පිළිපැදීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]