තවත් කොරෝනා මරණයක්...

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 147 ක් දක්වා ඉහළට

by Staff writer 12-12-2020 | 6:17 AM

COLOMBO (News 1st) - මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 147 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ වාර්තා වූ මරණයත් සමගයි. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 83 ක කාන්තාවක් මුල්ලේරියාව මුලික රෝහලේදී මියගොස් ඇත්තේ, පසුගිය 10 වැනි දාය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මරණයට හේතු වී ඇත්තේ අධික රුධිර පීඩනය සහ කොවිඩ් නියුමෝර්නියා තත්ත්වය බවයි. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 31,375 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ නව ආසාදිතයින් 762 ක් හඳුනා ගැනීමත් සමගය. ඔවුන් දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුරුවල ආසාදිතයින් වේ. මේ අතර කොරෝනා ආසාදිතව සිට මෙරටදී සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22, 831 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.