පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වේ

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වේ

by Staff writer 12-12-2020 | 3:09 PM

COLOMBO (News 1st)  –  පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

ඒ, අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී ය. නව සමාජ බලවේගයක් ගොඩනැගීමේ වෙනුවෙන් එලෙස එම පක්ෂයෙන් ඉවත් වන බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ය. ඊට අමතරව ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභා සාමාජිකයින් ද සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත. ඒ අනුව , පාඨලී චම්පික රණවක , කරුණාරත්න පරණවිතාන , නිශාන්ත ශ්‍රී වර්ණසිංහ , අනුරුද්ධ ප්‍රදීප් සහ නිරෝෂා අතුකෝරල යන මහත්ම මහත්මීන් ද ඇතුළුව පක්ෂ මධ්‍යම කාරක සභාව ඉල්ලා අස්වී තිබේ. ඒ වෙනුවට ජාතික හෙළ උරුමයට නව නිලධාරී මඬුල්ලක් පත් කර ගැනීම ද එම අවස්ථාවේ සිදුවූයේ නියෝජිත සමුළුවට එක්ව සිටි පක්ෂ සාමාජිකයින්ගේ අනුමැතියට යටත්වයි. ඒ අනුව ජාතික හෙළ උරුමයේ නව සභාපති ලෙස පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් පත්කර කර තිබේ. ජාතික හෙළ උරුමයේ නව මහ ලේකම්වරයා වන්නේ බන්දුල චන්ද්‍රසේකර මහතා ය. උප සභාපති ධුරය දයා පෙරේරා මහතාටත්, නියෝජ්‍ය ලේකම් ධුරය නීතිඥ ටියුඩර් පෙරේරා මහතාට සහ භාණ්ඩාගාරික ධුරය අනිල් ජයවර්ධන මහතාට හිමිව තිබේ. ජාතික හෙළ උරුමයේ නව ජාතික සංවිධායක වන්නේ මහේන්ද්‍ර ජයසිංහ මහතා ය. ඒ අනුව පක්ෂ මධ්‍යම කාරක සභාව සඳහා නව නිලධාරීන් 25 දෙනෙකු පත්කර කර තිබේ.