English
தமிழ்
කර්තෘ Staff writer
12 Dec, 2020 | 7:09 am
ඒ, ගුවන්තොටුපොළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී ය.
අදාළ සාකච්ඡාව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
අමාත්‍යාංශය සඳහන් කළේ, සාකච්ඡාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ඩි. වී. චානක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි.
සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සංචාරකයින් සඳහා දෛනිකව කළ හැකි පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන නිර්දේශ මත අවසන් තීරණයක් ගනු ඇති බවයි.
මුදල් ගෙවා මෙරටට පැමිණෙන පිරිස් සහ විශේෂ පුද්ගලයින්ට අමතරව සංචාරකයින් ලෙස පැමිණෙන පිරිස් සඳහා කළ හැකි දෛනික පී.සී.ආර් සංඛ්‍යාව එලෙස සොයා බැලෙනු ඇති බව ඔහු පැවසුවේ ය.
ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, දැනට ගුවන්තොටුපොළ ආශ්‍රිත දෛනික පී.සී.ආර් සංඛ්‍යාව 3000 ක් පමණ සිදුවන බවයි.
ඒ අනුව පවතින තත්ත්වයන් යටතේ, සංචාරකයින් සඳහා ගුවන්තොටුපොළ විවෘත වන නිශ්චිත දිනයක් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ද ඔහු පැවසුවේ ය.
කෙසේ වෙතත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බව ද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.
21 Jan, 2021 | 08:12 AM
26 Dec, 2020 | 07:09 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS