TNA මන්ත්‍රීවරුන් අයවැය ඡන්දය මග හැරියේ ඇයි ?

TNA මන්ත්‍රීවරුන් අයවැය ඡන්දය මග හැරියේ ඇයි ?

by Staff writer 11-12-2020 | 7:24 PM

COLOMBO (News 1st) - ලබන වසර සඳහා වූ අයවැය ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අයවැය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ඡන්දය දුන්නේ කෙසේ ද? මේ ඒ පිළිබඳව විමසා බැලීමකි... අයවැය ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ, ඡන්ද 151 ක් ලබාගනිමිනි. විපක්ෂව ලැබුණේ ඡන්ද 54 ක් පමණි. ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 17 දෙනෙකු සභාවේ නොසිටීම විශේෂත්වයකි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 10 දෙනාම ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තු සභාවේ සිටියේ නැත. ඒ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, සෙල්වම් අඩෛක්කලනාදන් ගෝවින්දන් කරුණාකරම් ධර්මලිංගම් සිද්ධාර්ථන් සු. නෝගරාදලිංගම් එස් ශ්‍රීධරන් එම් ඒ සුමන්දිරන් චාල්ස් නිර්මලනාදන් ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් තවරාජා කලෙයි අරසන් යන මන්ත්‍රීවරුන් ය. අමාත්‍ය චමල් රාජපක්ෂ සහ ටීඑම්වීපී මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්වරුන් ද අයවැය ඡන්ද විමසීමට සහභාගී වූයේ නැත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ, ෆයිසාල් කාසිම් එච්. එම්. එම්. හරීස් එම් එස් තවුෆික් නසීර් අහමඩ් යන මන්ත්‍රීවරුන් ද සභාවේ නොසිටි අතර ඔවුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කළ මන්ත්‍රීවරුන් ය. මේ අතර තමිල් මක්කල් ‍තේසිය කුට්ටනි පක්ෂයේ සී.වී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ද ඊයේ අයවැය ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.