COVID එන්නතට අමෙරිකාවේ සියල්ල සූදානම්

COVID මාරයාට තිත තියන අමෙරිකානු මෙහෙයුමට සියල්ල සූදානම්

by Sagarika Chathumali 11-12-2020 | 8:39 AM
COLOMBO (News 1st) : අමෙරිකානු අහාර සහ ඖෂධ පාලනාධිකාරිය (FDA) විසින් කොරෝනා වෛරසයට එරෙහිව Pfizer - BioNTech සමාගම එක්ව නිෂ්පාදනය කළ එන්නත එරට හදිසි භාවිතය සඳහා අනුමත කර තිබේ. අමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සාමාජිකයින් 32 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම අනුමැතිය ලබා දී ඇති බවයි. මෙම එන්නතෙහි වාසි, ඉන් එල්ලවන අවදානම ඉක්මවීම හමුවේ මෙම තීරණය ගත්බ ව ද එම කමිටුව පවසා ඇත. ඉදිරි දින කිහිපය තුල මෙම එන්නතට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ එන්නත් ප්‍රධානියාගේ අනුමැතිය හිමිවීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරි දින කිහිපය ඇතුළත ඊට අනුමැතිය ලැබෙනු ඇති බවයි. පසුගිය පැය 24ක කාලය තුළ අමෙරිකාවෙන් වාර්තාගත දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවක්( 3000 ඉක්මවූ) වාර්තා වී තිබේ. කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම් එල්ල වී ඇති රට අමෙරිකාව වන අතර එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,039,393කි. කොරෝනා වෛරසය වැළඳීමෙන් අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 299,692කි. මේ වනවිට බ්‍රිතාන්‍ය, කැනඩාව, බහරේනය සහ සෞදි අරාබිය කොරෝනා මර්දනය සඳහා වූ එන්නත ලබා දීම ආරම්භ කර තිබේ.

COVID මාරයාට සමුදෙන කාලය අතළඟ…?