ණය ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාව පියවරක් පහතට

ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාව පියවරක් පහතට

by Staff writer 11-12-2020 | 9:03 PM

COLOMBO (News 1st) - ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ශ්‍රී ලංකාව ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම්වල පියවරක් පහත හෙළා තිබේ.

එම ආයතනය නිවේදනය කළේ, B සෘණ තත්ත්වයේ සිට CCC ධන තත්ත්වය දක්වා ශ්‍රී ලංකාව පහත හෙළා ඇති බවයි. ශ්‍රී ලංකාවේ ඉහළ යන බාහිර මූල්‍ය අවදානම සහ මූල්‍ය පිරිහීම සැලකිල්ලට ගෙන මේ පියවර ගෙන ඇතැයි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය පැවසීය. නිල මූලාශ්‍රවලින් ලැබෙන අරමුදල් රටේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව පවසන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට භාහිර වානිජ අරමුදල්වලින් දුෂ්කර හා අධික මිලක් ඇති වාණිජ අරමුදල් අවශ්‍ය විය හැකි බවයි.