සරසවි සිසු ලියාපදිංචියට දුන් කාලය දිර්ඝ කෙරේ

සරසවි සිසු ලියාපදිංචියට දුන් කාලය දිර්ඝ කෙරේ

by Staff writer 11-12-2020 | 11:55 AM

COLOMBO (News 1st) : 2021 වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බදවා ගැනීමට ලියාපදිචිය සඳහා ලබා දී තිබූ කාලය තවත් සතියකින් දිර්ඝ කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, අධිකරණයෙන් කරන ලද ඉල්ලිමක් සලකා බලා එම තීරණය ගත් බවයි. මේ වනවිට අපොස උසස් පෙළ විභාගය සඳහා නඩු කිහිපයක් විභාග විම ඊට හේතු වී ති‌බේ. 2021 වර්ෂය සඳහා සිසුන් 41500 ක් බදවා ගැනීමට නියමිත බව සභාපතිවරයා සඳහන් කළේ ය .