විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනුම්දීමක්

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනුම්දීමක්

by Staff writer 11-12-2020 | 4:39 PM
COLOMBO (News 1st) : රියැදුරෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය පවසන්නේ, එහි රාජකාරී සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවය කරන රියැදුරෙකුට කොවිඩ් වැළඳී ඇති බවට පසුගිය 8 වැනිදා තහවුරු වී ඇති අතර පසුව ඔහු වහාම රෝහල්ගත කර ආශ්‍රිතයින්ට PCR පරීක්ෂණ සිදු කිරීමට පාලනාධිකාරිය ක්‍රියා කර තිබේ. එහි ප්‍රතිඵල අනුව ඔවුන් කිසිවෙකුට කොවිඩ් රෝගය වැළඳී නොමැති බව එහිදී තහවුරු වී ඇත. පසුව පසුගිය 9 වනදා විෂබීජ හරණය සඳහා කාර්යංශය වසා දැමුණ ද යළි 10 වන දා සිට නැවත එහි සේවා ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව විදේශ සේවා ලියාපදිංචි කිරීම, 24 පැයේ තොරතුරු මැදිරිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා මේ වනවිට ක්‍රියාත්මක බව කාර්යංශය නිතකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. තව ද කාර්යංශයේ ගුවන්තොටුපොළ ශාඛාව ද සේවා සඳහා ක්‍රියාත්මක බැවින් විදේශ රැකියා ලියාපදිංචි කිරීම එහිදී ද සිදු කර ගත හැකි බවත් පළාත් කාර්යාල සේවාවන් ද සුපුරුදු පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක බව ත් විදේශ සේවා නියුක්ති කාර්යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.