මහනුවර භූ කම්පන ඇතිවීම⁣ට හේතු සොයයි

මහනුවර භූ කම්පන ඇතිවීම⁣ට හේතු සොයයි

by Staff writer 11-12-2020 | 7:44 AM

COLOMBO (News 1st) – වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව සිදුවූ සුළු භූ කම්පන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා භූ කම්පන තත්ත්ව පිළිබඳව විද්වත් කමිටුවක් පත්කර තිබේ.

විද්වතුන් 11 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ය. මහාචාර්ය අතුල සේනාරත්න, මේජර් ජෙනරල් එස්. රණසිංහ, වසන්ත ඉහළපිටිය, මහාචාර්ය ජගත් ගුණතිලක, මහාචාර්ය ආර්.කේ.පෙරේරා, ආචාර්ය ඕ.කේ.දිසානායක, නලින් ද සිල්වා, ආචාර්ය ගාමිණි ජයතිස්ස, මහින්ද සෙනෙවිරත්න යන මහත්වරුන් සහ නිල්මිණි තල්දෙන මහත්මිය එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. මෙම කමිටුව පත් කිරීමේ අරමුණ භූ කම්පන සිදුවීමට හේතු සොයා බැලීමයි. ඊට අමතරව ඉදිරියේදී බලපෑමක් ඇති විය හැකි මට්ටමින් භූ කම්පනයක් සිදු වුවහොත් ඉන් විය හැකි හානි අවම කර ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ද කමිටුවේ කාර්යභාරයකි. පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එම කමිටුව පත් කළේ, විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි.