by Staff writer 11-12-2020 | 11:30 AM
COLOMBO (News 1st) : මහනුවර නගර සීමාවේ වසා දමා ඇති පාසල් අතුරින් පාසල් 42 ක් යළි විවෘත කිරිමට පියවර ගෙන තිබේ.
පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කළේ, 6 ශ්‍රේණියේ සිට 13 දක්වා ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන 14 වනදා සිට යළි ඇරඹෙන බවයි.
එහෙත් ත්‍රිත්ව විද්‍යාලය, කලෛයිමගල් දෙමළ විද්‍යාලය සහ තක්ෂිලා විද්‍යාල එදිනට විවෘත නොවන බවද, පළාත් ආණ්ඩුකාරවරයා පැවසී ය.
ඔහු සඳහන් කළේ, අදාළ පාසල් විවෘත කළ හැකි දින ඉදිරියේදී දැනුම් දෙන බවයි.
මේ අතර, පාසල් ළමුන්ට ප්‍රමුඛතාව ලබාදෙන්නැයි, පොදු ප්‍රවාහන සේවා වෙත දැනුම් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කළේ ය.