ගෙවුණු පැය 24 කොරෝනා ආසාදිතයින් හමුවූ තැන්

ගෙවුණු දිනයේ (10) කොරෝනා ආසාදිතයින් හමුවූ ප්‍රදේශ...

by Sagarika Chathumali 11-12-2020 | 10:46 AM
COLOMBO (News 1st) : පසුගිය පැය 24 තුළ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 538 දෙනාගෙන් 68 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පිරිසෙන් හඳුනාගත් ආසාදිතයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවැසුවේ, විදේශීය ජාතික සිවිල් නාවික ආරක්ෂක නිලධාරියෙකු ද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි. ඉතිරි 496 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 304 දෙනා වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස බොරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී  ඇත. ඊට අමතර මහනුවර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් පිළිවෙලින් ආසාදිතයින් 38 ක් සහ 28ක් ලෙස වාර්තා වී ඇත. මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30613ක් වන අතර සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 22,261 කි. ආසදිතයින් 8206ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ජීවිතක්ෂයට පත්ව ඇති ආසාදිතයින් සංඛ්‍යාව 146කි.