by Staff writer 11-12-2020 | 6:11 PM
COLOMBO (News 1st) - කොවිඩ් ආසාදිත වයස අවුරුදු 23ක මවක මුල්ලේරියා රෝහලේ දී නිරෝගී නිවුන් දරුවන් බිහි කර තිබේ.
කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශයක සිට කොළඹ ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කළ 23 හැවිරිදි මේ මවට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට මාරු කර යවා තිබේ.
ඇය දියවැඩියාවෙන් සහ අධික රුධිර පීඩනයෙන් පෙළුණ බැවින් සිසේරියන් සැත්කමක් මගින් දරුවන් බිහි කෙරුණි.
දරුවන් දෙදෙනා අඩු බරකින් උපත ලැබීම හේතුවෙන් නොමේරූ ළදරු ඒකකයක රැඳවිය යුතු නමුත් මුල්ලේරියා රෝහලේ නොමේරු ළදරු ඒකකයක් නොමැති වීමෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ බව වෛද්‍යවරු පැවසීය.
මේ වනවිට නිවුන් දරුවන් දෙදෙනා මවට භාරදී ඇති අතර දරුවන්ගේ බර සම්පූර්ණ වන තෙක් තවදුරටත් රෝහලේ රඳවා ගැනීමට සිදුවන බව වෛද්‍යවරුන් පවසා ඇත.