Lockdown ප්‍රදේශ දැන් අමතක ද?

Lockdown ප්‍රදේශ දැන් අමතක ද?

Lockdown ප්‍රදේශ දැන් අමතක ද?

කර්තෘ Sagarika Chathumali

10 Dec, 2020 | 11:32 am

COLOMBO (News 1st) : කොරෝනා වෛරස ව්‍යාප්තියට අදාළව තවදුරටත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පොලිස් වසම් සහ ග්‍රාම සේවා වසම් කිහිපයක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතී.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ අම්පාර යන දිස්ත්‍රික්කවල හුදකලා කර ඇති, සංචරණය සීමා කර  ඇති පොලිස් බල ප්‍රදේශ, ග්‍රාමසේව වසම්, මහල් නිවාස සංකීරණ පිළිබඳ විස්තරය පහතින්…..

 

මේ අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හමුවේ, ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පැනවීමට බලධාරීන් ඊයේ (19) තීරණය කළහ.

ඒ අනුව මහනුවර, මහනගර සභා සීමාවට අයත් මහයියාව ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවී ය.

මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවුසවේ, කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙක් එම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග මෙම තීරණය ගත්බවයි.

මේ අතර, ඉබ්බන්වල මංසන්ධියේ සිට වොක්ෂෝල් වීදිය දෙසටත්, යුනියන් පෙදෙසේ සිට ඩෝසන් මාර්ගය දක්වාත්, කොම්පඤ්ඤ වීදියේ සිට කිව් පාර හා මුරුගන් මාර්ගය දෙසටන් කිසිවෙකුට ඇතුළු වීම හා පිට වීමට නොහැකි පරිදි සංචරණ සීමා පැන වීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]