සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 22,000 ඉක්මවයි

සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 22,000 ඉක්මවයි

by Staff writer 10-12-2020 | 4:17 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 461 දෙනෙකු අද සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,261 කි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 075 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7670 කි. කොවිඩ් ආසාදනය වීමෙන් පුද්ගලයින් 144 දෙනෙකු මිය ගියේ ය.