විවිධ දිස්ටි මවන මාධ්‍ය කට්ටඩියෙක් ඉන්නවා - පාඨලී චම්පික රණවක

by Chathurika Jayasundara 10-12-2020 | 7:24 PM

COLOMBO (News 1st) : කොවිඩ් මර්දනය හා ආර්ථිකය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදහස් පල කළේ ය.

කොරෝනා හරහා මුදල් ගැරීමේ ජාවාරමක් පවතින බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාඨලී චම්පික මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ , මුළු රටම ආතුර වී සිටින බවත් එහි නියමුවා ලෙස විවිධ දිස්ටි මවන මාධ්‍ය කට්ටඩියෙක් සිටින බවත් ය. පාඨලී චම්පික මහතා මෙම අදහස් පළ කළේ, අද පැවති අයවැය විවාදයේදීය.