නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානිවරයෙක්..

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය පත් කෙරේ

by Staff writer 10-12-2020 | 5:56 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා පත්කර තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ ඔහු ලබන 15 වැනිදා නව ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බවයි. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා ලබන 14 වැනිදා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වන ධුරය සඳහා මේජර් ජෙනරාල් දෙමටන්පිටිය මහතා පත්කර තිබේ. ඔහු දැනට කටයුතු කරන්නේ, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක ලෙසයි. එම ධුරය සඳහා ලබන 15 වැනිදා සිට මේජර් ජෙනරාල් නිශාන්ත හේරත් මහතා පත්කර තිබේ.