by Chathurika Jayasundara 10-12-2020 | 5:00 PM
COLOMBO (News 1st) : මහර බන්ධනාගාර නොසන්සුන්තාවෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේම සිරුරු මේ වනවිට ඥාතීන් විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
පසුගිය (29) වැනිදා මහර බන්ධනාගාරය තුළ මෙම කලහකාරී සිද්ධියක් ඇති වූ අතර ඉන් රැඳවියන් 11 දෙනෙක් මියගිය ගොස් තවත් 108 දෙනෙක් තුවාල ලැබූහ.
මහර බන්ධනාගාරය තුළ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව පසුගිය දා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත භාර දුන්නේ ය.