කොවිඩ් එන්නත සැමට එක සේ පිහිට නොවේ ද?

බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත් ගත් අයට සිදුවූයේ කුමක් ද?

by Sagarika Chathumali 10-12-2020 | 12:44 PM
COLOMBO (News 1st) : කිසියම් ඔෂධයකට හෝ ආහාරයකට අසාත්මිකතා ඇති පිරිස් පසුගියදා හඳුන්වා දුන් කොවිඩ් එන්නත ලබා නොගත යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසයි. ඒ මේ වන විට එන්නත ලබා දුන් පුද්ගලයින් දෙදෙනෙකුට සංකූලතා මතුවීමත් සමගයි. කෙසේ වෙතත් එම පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ‍නොවන බව සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබේ. පසුගිය අඟහරුවා දා

උතුරු අයර්ලන්තයේ 90 වියැති කාන්තාවකට

එන්නත ලබා දෙමින් බ්‍රිතාන්‍ය කොරෝනා එන්නත් වැඩසටහන ආරම්භ කළ ලොව පළමු රට බවට පත්විය. එරට එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛ පෙළ ලෙස සැලකෙන්නේ, වැඩිහිටියන් සහ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවයකයින් වැනි පිරිස් ය. මේ අතර දරුණු අසාත්මිකතා ඇති ඇමරිකානුවන් කොවිඩ් එන්නත් අපේක්ෂකයින් නොවිය හැකි බව එක්සත් ජනපද ඉහළ නිලධාරියෙකු පවසා ඇත. ඒ අදාළ එන්නත සඳහා අනුමැතිය ලබා දීමට සූදානම් වන පසුබිමකදී ය.