by Chathurika Jayasundara 10-12-2020 | 8:33 PM
COLOMBO (News 1st) – රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ නෙදර්ලන්ත හිමිනමගේ අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මැදිහත්වීමෙන් වහාම පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.
නෙදර්ලන්ත ජාතික හිමිනමකගේ දේහය පසුගිය දා රාත්‍රියේ රත්ගම කලපුවේ තිබී හමුවී තිබේ.
පොලීසිය පැවසුවේ, 60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනරතන නමින් පැවිදිව වැඩ වාසය කර ඇති බවයි.
පිණ්ඩපාතයේ වැඩම කළ උන් වහන්සේ පිළිබඳව දින දෙකක සිට තොරතුරක් ලැබී නැතැයි, අප වාර්තාකරු සඳහන් කළේය.
උන්වහන්සේගේ දේහයේ අතපය ගැටගසා බෙල්ලේ ගලක් ද ගැට ගසා තිබුණි.