කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න...

ගෙවුණු දවසේ කොරෝනා ආසාදිතයින් 697 වාර්තා වූ ප්‍රදේශ මෙන්න... ගම්පහින් ආසාදිතයින් 219 ක්

by Sagarika Chathumali 10-12-2020 | 8:35 AM

COLOMBO (News 1st) : අද (10) උදෑසන වනවිට තවත් කොරෝනා ආාදිතයින් 697 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 30075ක් දක්වා ඉහළ ගියේ ය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයන් අතරින් තිදෙනකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් සහ ඉතිරි පුද්ගලයින් 694 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි. ගෙවුණු පැය 24 තුළ මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 357කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 219 දෙනෙකු වාර්තා වී ති‌බේ. මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 38 කි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ... මේ අතර ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 2කත් සමග මෙරට කෙරෝනා මරණ සංඛ්‍යාව ද 144ක් දක්වා ඉහළ ගියේ ය. වෛසරය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 8131කි. පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 542 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21800ක්වා ඉහළ ගියේ ය. නිරෝධානය මධ්‍යස්ථාන 64ක් තුළ පුද්ගලයින් 6,366 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 14,336කි.