by Chathurika Jayasundara 10-12-2020 | 9:43 PM
COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
එලෙස මියගොස් ඇත්තේ කොළඹ 02 හි පදිංචි 66 හැවිරිදි කාන්තාවකි.
අදාළ කාන්තාව කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම රෝහලට මාරු කර ඇති අතර එහිදී ඇය අද දින මියගොස් තිබේ.
මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් නිසා ඇති වූ හෘද වස්තුවේ ආසාදනයකි.
දෙවන මරණය වාර්තා වන්නේ , වැලිගම ප්‍රදේශයෙන්ය.
එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි කාන්තාවකි.
ඇය ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර එවා තිබේ.
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද දින මියගොස් ඇති අතර මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් උත්සන්න වීම හා වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වීමයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.