කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 24ක ජල කප්පාදුවක්

by Staff writer 10-12-2020 | 6:34 AM

COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ රැසකට අද (10) පෙරවරු 7.00 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. අදාළ කාල සීමාව තුළ කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා නල මාර්ගයේ අලුත්වැඩියා කිරීමේදී සිදු වූ හදිසි බිඳ වැටීමක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත.