කැනඩාවෙත් කොරෝනා එන්නත අනුමතයි 

කැනඩාවෙත් කොරෝනා එන්නත අනුමතයි 

by Staff writer 10-12-2020 | 7:45 AM
COLOMBO (News 1st) : ෆයිසර් සහ බයෝ එන්ටෙක් අයතන නිෂ්පාදනය කළ කොරෝනා එන්නතට කැනඩාව ද සිය අනුමැතිය ලබා දී තිබේ. එරට සෞඛ්‍ය අංශ මෙය හඳුන්වා දී ඇත්තේ, මෙය කොරෝනා මර්දනයේ සංධිසථානනයක් ලෙසයි. කැනඩා අගමැති ජස්ටින් ට්‍රෘඩෝ සඳහන් කළේ, එන්නත් මාත්‍රා 249000 ක් පළමු අදියර යටතේ ලබා ගැනීමට නියමිත බවයි . ඔවුන් ගැනීමට බළාපොරත්තු වන සමස්ත එන්නත් මාත්‍ර ප්‍රමාණය මිලියන 20 කි. මේ වන විට එරටින් කොරෝනා ආසාදිතයින් 4 33,242 ක් සහ කොරෝනා මරණ 12,954 වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.