නිමල් පුංචිහේවා ප්‍රමුඛ මැතිවරණ කොමිසම අද වැඩ අරඹයි..

නිමල් පුංචිහේවා ප්‍රමුඛ මැතිවරණ කොමිසම අද වැඩ අරඹයි..

කර්තෘ Staff writer

10 Dec, 2020 | 6:47 am

COLOMBO (News 1st) – මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයින් අද රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත්කර ඇත්තේ, නිමල් පුංචිහේවා මහතායි.

එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 41 ආ සහ 103 (1) ව්‍යවස්ථාවන්ට අනුව පසුගිය දා නව සභාපතිවරයා සහ සාමාජිකයින් පිරිස පත්කරනු ලැබීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]