CID හිටපු අධ්‍යක්ෂ ශානිට ඇප නැහැ

CID හිටපු අධ්‍යක්ෂ ශානිට ඇප නැහැ

CID හිටපු අධ්‍යක්ෂ ශානිට ඇප නැහැ

කර්තෘ Staff writer

09 Dec, 2020 | 1:00 pm

COLOMBO (News 1st) : අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාගේ ඇප ඉල්ලුම් පත , ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද ප්‍රතික්ෂේප කළේ ය.

මීට අමතරව ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතාගේ ඇප ඉල්ලුම්පත ද විනිසුරුවරයා ප්‍රතික්ෂේප කරනු ලැබී ය.

සැකකරුවන් රිමාන්ඩ් භාරයේ සිටින්නේ, අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු චෝදනා යටතේයි.

ඔවුන්ට ඇප දෙන්නැයි ඉල්ලා ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඇතුළු තවත් නීතිඥ කණ්ඩායමක් ඇප අයදුම්පත් ගොනු කර තිබිණ.

ඇප අයදුම්පත්වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා විරෝධතා ඉදිරිපත් කර තිබු අතර දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]