විදේශයන්හි සිටි ලාංකිකයින් 591 දෙනෙකු දිවයිනට

විදේශයන්හි සිටි ලාංකිකයින් 591 දෙනෙකු දිවයිනට

by Staff writer 09-12-2020 | 8:26 AM

COLOMBO (News 1st) – කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස්ගතව සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 591 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 191 දෙනෙකු , මාලදිවයිනේ, මාලේ අගනුවර සිට 60 දෙනෙකු , සෞදි රියාර් නුවර සිට 293 කු සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට ලාංකිකයින් 47 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි බවයි. ඔවුන් සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කර තිබේ.