.webp)
මිරිහානේදී අත්අඩංගුවට
ගත් යතුරුපැදි 26 න් 10කම චැසි අංක වෙනස් කර ඇතැයි, පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ අනුව යතුරුපැදි ව්‍යාජ ලෙස එකලස් කිරීමක් සිදුව ඇති බවට කරුණු හෙළි වන බවයි. අදාළ යතුරු පැදි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රථවාහන පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණය සඳහා යොමු කිරීමෙන් පසු මෙම චැසි අංක දේශීය වශයෙන් සකස් කර ඇති බව හෙළිවී තිබේ. එම යතුරු පැදි 10 රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. මේ අතර පසුගිය 7 වන දා සිටරාත්රී කාලයේ රේස් පදින්නන් සොයා මෙහෙයුම්
ක්‍රියාත්මක කරන බව ද පොලීසිය පැවසී ය.