බදුල්ලෙත් සේනා.....

බදුල්ලෙත් සේනා.....

by Staff writer 09-12-2020 | 2:31 PM

COLOMBO (News 1st) : පසුගිය දින කිහිපය පුරාම අම්පාර , මඩකලපුව, මොණරාගල දිස්ත්‍රික්කයන්හි සේනා දළඹු ව්‍යාප්තිය පිළිබඳව අප වාර්තා කළෙමු.

බදුල්ල දිස්ත්‍රික්කයේත් සේනා දළඹු උවදුර හිස ඔසවමින් ඇති බව වාර්තා වන්නේ එවන් පසුබිමක් තුළයි. බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හැවන්දාන, ගිගිරිපුදාම, බුද්දංකෝට්ටේ, කරමැටිය, කදපොත්තාව යන ගම්මානවල බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවා ව්‍යාප්ත වී ඇති බව වාර්තා වෙයි. පසුගිය කන්නයේ මෙන්ම මෙවරත් සේනා දළඹුවා අක්කර 5000 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ කරමින් පවතින බව ගොවීහු පවසති. ගොවියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ, සේනා දළඹු උවදුර සඳහා ස්ථිර විසදුමක් ලබා දෙන ලෙසයි.