කොවිඩ් පැණියට කුමක් වෙයි ද?

ධම්මික වෙද මහතාගේ කොවිඩ් පැණියට කුමක් වෙයි ද?

by Staff writer 09-12-2020 | 6:06 PM

COLOMBO (News 1st) - කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ කොවිඩ් ඖෂධය පිළිබඳව පරීක්ෂණයේ නිල වාර්තාව ඉදිරි දින කිහිපයේ ලැබෙනු ඇතැයි දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද ප්‍රකාශ කර තිබේ.

ධම්මික බණ්ඩාර වෙද මහතා ඊයේ කොවිඩ් මර්දන ඖෂධය නොමිලේ ජනතාවට බෙදාදීම නිසා විශාල පිරිසක් කෑගල්ල හෙට්ටිමුල්ල, උඩමාගම ප්‍රදේශයට රැස්වී සිටියහ. ඊයේ පස්වරුව වනවිට ඖෂධය බෙදාහැරීම නතර කිරීමට පියවර ගැණුනේ, සෞඛ්‍ය නිර්දේශ නොතකමින් ජනතාව එහි රැස්ව සිටීම නිසයි.