ඥාතීන් භාර නොගත් COVID මළ සිරුරු ආදාහනයට උපදෙස්

ඥාතීන් භාර නොගත් COVID මළ සිරුරු ආදාහනයට උපදෙස්

by Staff writer 09-12-2020 | 3:31 PM

COLOMBO (News 1st) : ඥාතීන් විසින් මෙතෙක් භාර නොගත් කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු වහාම ආදාහනය කිරීමට පියවර ගන්නැයි නීතිපති දප්පුලද ලිවේරා මහතා අද පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

එලෙස ඥාතීන් විසින් භාර නොගත් මළ සිරුරු 19 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට රෝහල්වල මෘත ශරීරාගාර තැන්පත් කර ඇති බවත් ඒවා එලෙස දිගින් දිගටම තැන්පත් කර තැබීමෙන් සෞඛ්‍ය සංරක්ෂණයට බරපතල හානියක් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු උපදෙස් ලබාදෙන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කළ ඉල්ලීමක් සලකා බැලූ නීතිපතිවරයා එලෙස උපදෙස් ලබා දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළා ය.