කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක මෙන්න

ගෙවුණු පැය 24 කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක මෙන්න

by Sagarika Chathumali 09-12-2020 | 10:10 AM
COLOMBO (News 1st) : ඊයේ වාර්තා වූ ආසාදිතයින් 798 දෙනා අතරින් ආසාදිතයින් 526 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්විමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්යෙන් ආසාදිතයින් 53 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි. ඊයේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පිරිස අතරින් හඳුනා ගත් ආසාදිතයෙකු ද වේ. අද උදෑසන වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 29,378 දෙනෙකු වාර්තාවී ඇති අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස්  ඇති පුද්ගලයින්  සංඛ්‍යාව 21,258කි. මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 142කි. මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 62ක් තුළ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 6,594ක් වන අතර ඊයේ  (8) දිනයේ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 11,182කි.