UPDATE:කලපුවෙන් දේහය හමුවූ විදෙස් හිමිනමගේ අභිරහස

අතුරුදන් විදෙස් ජාතික හිමිනමගේ දේහය රත්ගම කලපුවේ

by Sagarika Chathumali 09-12-2020 | 11:37 AM

COLOMBO (News 1st) : රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කළ නෙදර්ලන්ත ජාතික හිමිනමකගේ දේහය ඊයේ රාත්‍රී රත්ගම කළපුවේ තිබී හමුව තිබේ.

පොලීසිය පැවසුවේ, 60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනරතන නමින් පැවිදිව වැඩ වාසය කර ඇති බවයි. පිණ්ඩපාතයේ වැඩම කළ උන් වහන්සේ පිළිබඳව දින දෙකක සිට තොරතුරක් ලැබී නැතැයි, අප වාර්තාකරු පැවසී ය. උන්වහන්සේගේ දේහයේ අතපය ගැටගසා බෙල්ලේ ගලක් ද ගැට ගසා තිබුණු අතර දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හර්ෂණ කැකුණවෙල මහතා විසින් අද පෙරවරුවේ සිදු කරනු ලැබ ඇත. පසුව පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා උන්වහන්සේගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.