Covid19:දින 20ක බිළිඳෙක් බිලිවෙයි

මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි..

by Staff writer 08-12-2020 | 7:35 PM

COLOMBO (News 1st) - මෙරට ලාබාලතම කොරෝනා මරණය අද වාර්තා විය.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ, දින 20 ක් පමණ වයසැති බිළිඳෙකු අද දහවල් එලෙස මියගිය බවයි. එම බිළිඳා මෝදර ප්‍රදේශයේ සිට රෝහලට ඇතුළත් කර තිබූ බව රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේය.