කොරෝනා එන්නත ගත් බ්‍රිතාන්‍යයේ පළමු කාන්තාව කී දේ

බ්‍රිතාන්‍ය කොරෝනා මඩින ඓතිහාසික පියවර තබයි

by Sagarika Chathumali 08-12-2020 | 1:26 PM
COLOMBO (News 1st) : බ්‍රිතාන්‍යයේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරමින් උතුරු අයර්ලන්තයේ වයස අවුරුදු 90ක කාන්තාවකට එන්නත ලබා දී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මාග්‍රට් කීනන් නමැති අදාළ කාන්තාව ලබන සතියේ 91 වැනි වියට පාතැබීමට නියමිතව සිටින්නී ය. එන්නත ලබා ගැනීමෙන් පසු වෛරසයට එරෙහි එන්නත ලබා ගත් ලොව පළමු පුද්ගලයා වීම තමාට මහත් වරප්‍රසාදයක් යැයි හැඟෙන බව ඇය පවසා ඇත. ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ,  පවුලේ උදවිය සහ මිතුරන් සමග නව වසරේ කාලය ගත කිරීම පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි බැවින් එය තම උපන්දිනයට පෙර ලද හොඳම තෑග්ග බවයි. තවද අවුරුදු 90ක් තරම් වයසක පසු වන තමා එන්නත ලබා ගත්තේ නම්, අන් අයට ද එය එතරම් දෙයක් නොවන බව ඇය පවසා ඇත්තේ, එන්නත ලබා ගැනීමට අන් අය දිරි ගන්වමිනි. අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ , කෙරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයයි. කොරෝනා මර්දන එන්නත අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දෙන බව බ්‍රිතාන්‍ය රජය මීට පෙර නිවේදනය කර තිබිණ. කෙසේ වෙතත් එන්ත ලබා ගැනීම බ්‍රිතාන්‍ය වැසියන්ට අනිවාර්ය නොවේ.

පෙර පුවතට පිවිසෙන්න...