by Staff writer 08-12-2020 | 5:34 PM
COLOMBO (News 1st) - පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී කේ.බී.මනතුංග මහතා පත්කර තිබේ.
ඔහු අද දින පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී වැඩ භාරගනු ලැබුවේ ය.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් එම පත් කිරීම සිදු කර ඇති බවයි.
කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරනු ඇති.