by Sagarika Chathumali 08-12-2020 | 7:38 PM
COLOMBO (News 1st) - ධම්මික බණ්ඩාර මහතා කොවිඩ් වෛරසය සඳහා නිපද වූ දේශීය ඖෂධය අද ජනතාවට නොමිලේ බෙදා දුන්නේ ය.
ධම්මික බණ්ඩාර වෙද මහතාගෙන් කොවිඩ් මර්දන ඖෂධය ලබා ගැනීමට අද අලුයම සිට කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩමාගම ප්‍රදේශයට විශාල පිරිසක් පැමිණ සිටියහ.
එය ජනතාවට නොමිලේ බෙදා දීම ආරම්භ වූයේ, ආගමික වතාවත්වලින් අනතුරුවයි.
එහිදී බෝතල් කාලක ප්‍රමාණයක් පැමිණි පිරිසට ලබා දුන්නේ ය.
ස්වාමීන් වහන්සේලා ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම විවිධ ප්‍රදේශවලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ මෙම ඖෂධය ලබා ගත්තේ ය.
එම පැණිය ලබා ගැනීමට විශාල පිරිසක් එක්රොක් වීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් මෙලෙස සිය අදහස් පල කළේය.