ටැබ් ලියාපදිංචි කතාව බොරුවක්..

පාසල් සිසුන්ට නොමිලේ ටැබ් ලබා ගැනීමට ලියාපදිංචි වන්නැයි පළ කරන කතා අසත්‍යයි..!

by Hashini De Mel 08-12-2020 | 6:47 PM

COLOMBO (News 1st) - රජය විසින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතින බවටත් සමාජ මාධ්‍යන්හි සංසරණය වන තොරතුරු අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.