කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

by Staff writer 08-12-2020 | 4:23 PM

COLOMBO (News 1st) - කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෑගල්ල පාර, කුරුණෑගල කොළඹ පාර ඇතුළුව සියලුම අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති. කුරුණෑගල ප්‍රධාන ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.