by Staff writer 08-12-2020 | 4:13 PM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය සුව කළ හැකි යැයි පැවසෙන, පැණියක් ලබා ගැනීම සඳහා කෑගල්ලේ ස්ථානයක් අසලට අද විශාල සෙනගක් රැස්ව සිටි බව වාර්තා වේ.
පිරිස කොරෝන වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නීතිරීති පවා කඩකරමින් එම ස්ථානයේ හැසිරෙන අයුරු දැකගත හැකි විය.
කෙසේ වෙතත් පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් ඒ සඳහා දැඩි උත්සාහයක් ගන්නා අයුරු ද දැක ගත හැකි විය.