
දේශපාලන පළිගැනීම් ගැන සෙවූ ජනපති කොමිසමේ වාර්තාව ජනපතිට
දේශපාලන පළිගැනීම් ගැන සෙවූ ජනපති කොමිසමේ වාර්තාව ජනපතිට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ.
ඒ, කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසිනි.
එම වාර්තාව වෙලුම් 3 කින් හා පිටු 2043 කින් සමන්විතය.
2015 ජනවාරි මස 8 වැනි දා සිට 2019 නොවැම්බර් 16 වැනි දා දක්වා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයින්ට සිදුව ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ ය.
කොමිසම විසින් බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
පසුගිය ජනවාරි 09 වැනි දා පත් කළ මෙම ත්‍රිපුද්ගල කොමිෂන් සභාවේ සෙසු සමාජිකයින් වන්නේ, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් ය.
- හබරණ ළැඟුම්හලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කරන ජාවාරමක් වටලයි
- උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 35ක්
- ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
- පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යනයට පත් කළ අනු කමිටුව ලබන 12 වැනිදා රැස්වෙයි..
- සරණාගතභාවය පතා ඉන්දියාවට පලා ගිය පොලිස් නිලධාරීන් යළි සිය රටට එවන්නැයි මියන්මාරය ඉල්ලයි..
- ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..
- පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..
- කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- කොදෙව් ලෙජන්ඩ්ස් ඉදිරියේ ඩිල්ෂාන් ප්රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්