O/L විභාගයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

O/L විභාගයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

by Chathurika Jayasundara 07-12-2020 | 11:25 AM

COLOMBO ( News 1st ) : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (GCE O/L) විභාගය ලබන වසරේ මාර්තු 01 - 11 පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

මීට පෙර තීරණය කර තිබුණේ, ලබන ජනවාරි 18 වැනිදා සිට 27 වැනි දා දක්වා විභාගය පැවැත්වීමටයි.

නමුත් පවතින කොරෝනා තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ නියම කර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ය.