ඇඹිලිපිටියේ මාරක අනතුරක්

ඇඹිලිපිටිය 100 කණුවේ මාරක අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

by Staff writer 07-12-2020 | 3:12 PM
COLOMBO (News 1st) : ඇඹිලිපිටිය 100 කණුව ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි, පොලීසිය පවසයි.  පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් එය සිදුව ඇති බවයි. අනතුරුන් මිය ගිය තරුණයින් දෙදෙනා අවුරුදු 20 සහ 17 හැවිරිදි වයස්වල පසුවෙති. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලසීය පැවසී ය.