by Staff writer 06-12-2020 | 7:21 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර වරාය කිහිපයක ඉදිකිරිම් අද ආරම්භ විය.
තංගල්ල, රැකව ධීවර නැංගූරම්පොළ සහ මාවැල්ල නැංගුරම්පොළ ඉදිකිරීමේ සමාරම්භක උත්සවය අද පැවැත්විය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද අග්‍රාමාත්‍යවරයා සමග එම අවස්ථාවට සහභාගි විය.
ධීවර ආම්පන්න බෙදා දීමක් ද එහිදී සිදු කෙරිණි
රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල මිලියන 379 කට අධිකය.
මාවැල්ල නැංගුරම්පොළ ඉදිකිරිම සඳහා යෝජිත පිරිවැය රුපියල් මිලියන 380 කි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේය.
''රට වටේට මුහුද තියනවා. හැබැයි අපි තවමත් පිට රටින් මාළු අරගන එනවා. අපේ මුහුදේ තියන මාළු ටික වෙනත් අය අරගන යනවා. මේක නැවැත්වීමට අපි දැන් පියවර ගන්නවා. ජනතාවට අවශ්‍ය මාළු ටික සපයනවා විතරක් නෙවෙයි, අපිට විදේශ මුදල් ලබා ගැනීම සදහා මාළු පිටරට යැවීමට අපි කටයුතු කරනවා''