by Staff writer 06-12-2020 | 10:21 PM
COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 286ක් හඳුනා ගෙන තිබේ.
එම ආසාදිතයින් වාර්තා වූයේ පෑලියගොඩ පොකුරෙන්, ආශ්‍රිතයින් 166ක් සහ බන්ධනාගාර පොකුරින් 120 ලෙසය.
ඒ අනුව, මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද වනවිට 27,877කි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,280කි.
මේ දක්වා කොරෝනා අසාදිතයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර, මියගිය වැඩිදෙනා, වයස අවුරුදු 70 ඉක්මවූවන් වේ.