කොළඹ, ගම්පහ යළි හුදෙකලා කරන සහ ඉවත් කරන ප්‍රදේශ

කොළඹ සහ ගම්පහ යළි හුදෙකලා කරන ප්‍රදේශ හා හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ මෙන්න ..

by Chathurika Jayasundara 06-12-2020 | 1:00 PM

COLOMBO ( News 1st ) : යළි හුදෙකලා කරන ප්‍රදේශ, හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ සහ තවදුරටත් හුදෙකලා බව පවත්වාගෙන යන ප්‍රදේශ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පහත දැක්වෙන පරිදි හුදෙකලා බව පවත්වාගෙන යන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව ඒවා මෙසේය. ?කොළඹ දිස්ත්‍රික්කය - 01. හෙට ( 07) උදෑසන 5.00 සිට හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ ?බ්ලූමැන්ඩල් පොලිස් වසම ?වැල්ලම්පිටිය පොලිස් වසමේ විජයපුර ග්‍රාම නිලධාරී වසම 02. තවදුරටත් හුදෙකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ ?මෝදර පොලිස් වසම ?කොටහේන ?ග්‍රෑන්ඩ්පාස් ?ආඳුරුප්පුවීදිය ?වේල්ලවීදිය ?කෙසෙල්වත්ත ?මාළිගාවත්ත ?දෙමටගොඩ ?මරදාන ?කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම ?බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම ?වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය ?මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස 03. හෙට(07) අලුයම 5.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ ?කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරි වසම ?කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත ?වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර ? ගම්පහ දිස්ත්‍රික්කය 01. හෙට ( 07) උදෑසන 5.00 සිට හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ ?වත්තල පොලිස් වසම - පහත දක්වනු ලබන ග්‍රාම නිලධාරී වසම් හැර ?පෑලියගොඩ පොලිස් වසම - පහත දක්වනු ලබන ග්‍රාම නිලධාරී වසම් හැර ?කැලණිය පොලිස් වසම 02 හෙට උදෑසන 5.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ ?වත්තල පොලිස් වසමේ - ?කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම ?හේකිත්ත ග්‍රාම නිලධාරී වසම ?ඇවරිවත්ත ග්‍රාම නිලධාරී වසම ?කුරුඳුහේන ග්‍රාම නිලධාරී වසම ?වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසම ?පෑලියගොඩ පොලිස් වසමේ - ?පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම ?පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසම ?මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම ?පට්ටිය - උතුර ග්‍රාම නිලධාරී වසම ?කිරිබත්ගොඩ පොලිස් වසමේ - ?වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම ය. එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සෙසු දිස්ත්‍රික්කවල හුදෙකලා කර ඇති ප්‍රදේශ පිළිබඳව නැවත දැනුම් දෙන තුරු තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතින බවයි.