තරගයක් ඉතිරිව තිබියදීම ඔස්ට්‍රේලියාවට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය ඉන්දියාවට..

තරගයක් ඉතිරිව තිබියදීම ඔස්ට්‍රේලියාවට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය ඉන්දියාවට..

තරගයක් ඉතිරිව තිබියදීම ඔස්ට්‍රේලියාවට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය ඉන්දියාවට..

කර්තෘ Chathuranga Rajapaksha

06 Dec, 2020 | 6:29 pm

COLOMBO (News 1st): තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට ඉන්දිය කණ්ඩායම අද සමත් විය.

ඒ දෙවැනි තරගය කඩුලු 6කින් ජය ගනිමිනි.

සිඩ්නිහිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 194කි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක මැතිව් වේඩ් 20 යි 20 පිටියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 58ක් ලබා ගත්තේය.

ස්ටීවන් ස්මිත් ලකුණු 46 කට දැවී ගියේය.

පන්දු යැවීමේදී ටී. නටරාජන් ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳ දැමීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය ක්‍රීඩකයින් පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ලෝකේෂ් රාහුල් සහ ශිකර් ධවාන් පළමු කඩුල්ලට ලකුණු 56 ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

නායක විරාත් කෝලි ලකුණු 40ක් ලබා ගත්තේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාන්ඩ්‍යා පන්දු 22කදී නොදැවී ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය.

අවසන් පන්දුවාරයේදී සුපිරි 6 පහර දෙකක් එල්ල කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට පාන්ඩ්‍යාට හැකිවිය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]