Facebook හරහා මුදල් වංචාවකට තැත් කළ තිදෙනෙකු කොටු

Facebook හරහා මුදල් වංචා කිරීමට තැත් කළ තිදෙනෙකුට වැඩ වරදී

by Staff writer 05-12-2020 | 3:21 PM

COLOMBO (News 1st) – Facebook සමාජ ජාලයේ මුදල් වංචා කිරීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , නාරම්මල හා නිට්ටඹුව පොලීසිය ඒකාබද්ධව කළ විමර්ශනයකින් අනතුරුවයි. පොලීසිය පැවසුවේ සැකකරුවන් Facebook ගිණුම්වලට කූඨ ලෙස ඇතුළු වී අදාළ ෆේස්බුක් හිමියා යවන පරිදි ඔහුගේ මිතුරටන් හා හිතවතුන්ට පණිවුඩ යොමු කර මුදල් ඉල්ලා ඇති බවයි. ණය පදනම යටතේ හදිසි අවශ්‍යතාවයක් යැයි පවසා එලෙස මුදල් ලබාගෙන ඇති බවත් ඒවා සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් වෙත යොමු කරගෙන ඇති බවත් හෙළි වී තිබේ. සැකකරුවන් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.