තව ත් ලාංකිකයින් 463 ක් දිවයිනට..

විදේශවල සිරවී සිට තව ත් ලාංකිකයින් 463 ක් දිවයිනට..

by Staff writer 05-12-2020 | 2:20 PM

COLOMBO (News 1st) - විදේශවල සිරවී සිට තව ත් ශ්‍රී ලාංකිකයින් 463 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, අබුඩාබි සිටි පුද්ගලයින් 82ක්, කටාර්හි සිටි 366ක්, ඉන්දියාවේ සිටි පුද්ගලයින් 45ක් සහ චීනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු දිවයිනට පැමිණි පුද්ගලයින් අතර වන බවයි. පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝධානය සඳහා යොමු කළ බව එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.