බිරිඳට වෙඩි තබා ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට

බිරිඳට වෙඩි තබා ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට

by Staff writer 05-12-2020 | 4:03 PM

COLOMBO (News 1st) – මාතලේ, නාවුල , ගොඩඋල්පත ප්‍රදේශයේදී සිය බිරිඳ වෙඩි තබා ඝාතනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීමට යොදා ගත් තුවක්කුව ද සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 57 හැවිරිදි කාන්තාවකි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.